Posts

Showing posts from April, 2022

ගෙදර ලයිට් බිල අඩු කරවන නොවරදින ට්‍රික්ස් මේවා තමයි!

Image
දැන් කාලේ මුළු රටම තියෙන්නේ බොහොම අර්බුදකාරී තත්වයක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි හැමෝටම ඒක දැනෙනවා. එතනදී විශේෂයෙන්ම බලශක්ති අර්බුදය මේ වෙනකොට රටටම දැනිලා තියෙන්නේ. හරි, දැන් ඔය ප්‍රශ්නේ එක්ක කරන්ට් නෑ. ඒ වගේම කරන්ට් බිල සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරන්න නියමිතයි. අපිට එහෙම තත්වයක් යටතේ ගෙදර කරන්ට් බිල අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? ඒ කියන්නේ නිස්කාරණේ දාලා තියෙන ලයිට් ඕෆ් කරලා දානවා ඇරෙන්න, කරන්ට් බිල අඩු කරගන්න වෙන කරන්න පුලුවන් දේවල් නැද්ද? තියෙනවා. අපි නොහිතන ක්‍රම වලින් කරන්ට් බිල අඩු කරගන්න පුලුවන්. ඒකෙන් අපේ විදුලි පරිභෝජනය කළමනාකරණය වෙලා බිලත් අඩු වෙනවා, ඒ වගේම රටටත් බලශක්ති ඉතුරුවක් වෙනවා. ආන්න ඒ නිසා, අපි බලමු එහෙම කරන්ට් බිල අඩු කරගන්න කරන්න පුලුවන් නොවරදින ට්‍රික්ස් මොනවද කියලා!   01. පීක් ඇන්ඩ් ඕෆ් පීක් දැන් ඔය අපිට ෆෝන් කෝල්ස් වලදී, එතකොට ඉන්ටර්නෙට් පාවිච්චියේදී එහෙම කොටස් දෙකකට කඩලනෙ දෙන්නේ. පීක් සහ ඕෆ් පීක්. එතනින් පීක් කියන්නේ හැමෝම පාවිච්චි කරන, ඉල්ලුම වැඩිම වෙලාව. ගොඩක් වෙලාවට පීක් කියලා හැඳින්වෙන්නේ දවසේ දවල් කාලය. එතකොට ඕෆ් පීක් කියන්නේ මිනිස්සු වැඩි ද...